theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

රැකියාවක් කරන හැම අම්මා කෙනෙක්ගේම ශෝචනීය කථාව

2 අවම කියවීම
රැකියාවක් කරන හැම අම්මා කෙනෙක්ගේම ශෝචනීය කථාවරැකියාවක් කරන හැම අම්මා කෙනෙක්ගේම ශෝචනීය කථාව

රැකියාවක් කරන අම්මා, මේ ලිපිය ඔබටමයි.

රැකියාවක් කරන අම්මා කෙනෙක්ද ඔබත්? මේ සීත උදේ පාන්දර හතරට නැගිටින්නේ වෙව්ල වෙව්ලා. අනේ පැටවුන්ට තව ටිකක් තුරුල් වෙලා නිදා ගන්න තිබ්බානම් කොච්චර හොදද කියලා හිතෙනවා.

ඒත්, රැකියාවක් කරන අම්මා කෙනෙක් හැටියට මොනවා කරන්නද? පැංචෝ දෙන්නට නිවාඩු වුනාට අම්මි ඔෆිස් යන්න ඕනීනේ.

පාන්දර හතරේ ඉදන් පැය දෙකක්ම එකම යුද්ධයයි. බත රොස් නොකර, හොදි කර නොකර උයන්න, තේ හදන්න, භාජන හෝදන්න, ඔෆිස් යන්න ලෑස්ති වෙන්න වගේ දාහක් වැඩ අස්සේ පුංචි බන්සියෝ දෙන්නට කුක්කු පොවන ආදරණීය වැඩෙත් තියෙනවා.

රැකියාවක් කරන අම්මා

රැකියාවක් කරන අම්මා...

මේ පටන් ගන්න දවසත් ලේසී පහසු නැහැ, රැකියාවක් කරන අම්මා කෙනෙක් හැටියට. පැය ගානක් මග ගෙවාගෙන ඔෆිස් යන්න, ඔෆිස් එකේ වැඩ, ආපහු එන්න, රෑ කෑම හදන්න, බබාලාගේ වැඩ රෑ දහය එකොලහ වෙනකම් නොනවතින යන්ත්‍රයක් වගේ කරන්න වැඩ මට තියෙනවා

ඒත් මුළු දවසේම එක මොහොතක් හැර අන් කිසිම දේකින් මං සැලෙන්නේ නැහැ. ඒ තමයි උදේ ඔෆිස් යන්න පිටත්වෙන මොහොත, පුංචි කදුළු පිරිච්ච ඇස් හතරක් අසරණව මං දිහා බලන් ඉන්නවා.

හරියට අනේ අම්මේ යන්න එපා කියනවා වගේ, ඒ වදන් ඒ පුංචි හදවත් වලින් ඒ මොහොතේ දහස් වරක් කියනවා ඇති, ඒ පුංචි ඇස් දිහා බලාගෙන මට යන්න බැහැ කියලත් හිතෙනවා.

මගේ හදවත මට තව මොහොතක් ඉන්න කියනවා වගේ , ඒත්  දැන් කෝච්චිය එයි කියලා මගේ හිත මට අනතුරු අගවනවා. අන්න ඒක නිසාම මං යන්න පිටත් වෙනවා.

අඩියක් ඉස්සරහට තිබ්බොත් අඩි දෙකක් ආපස්සට එනවා වගේ, කී පාරක් නම් ආපහු හැරිලා බලලා මං හුල්ලනවාද?

මං දන්නවා පුංචි හිත් දෙකක් හදවතින් හඩා වැටෙනවා ඇති, කොහොම හරි ගෙදරින් එළියට ආහම කෝච්චියට දුවන අන්තිම මැරතන් ධාවකයා වෙන්නෙත් මම,,ඒ තරම් වේලාවක් මම දොර ලග ලතවෙලා.

ඇත්තටම මේක මගේ විතරක් නෙවේ රැකියාවක් කරන හැම අම්මා කෙනෙක්ගේම ශෝචනීය කථාව , අසීරුතම මොහොත.

නමුත්...

මට ආර්ථික වශයෙන් ස්වාධීනත්වය අවශ්‍යයි

මට ආර්ථික වශයෙන් ස්වාධීනව ජීවත් වෙන්න ඕනේ. අපි ජීවත් වෙන්නේ මුදල් එක්ක ජීවත් වෙන සමාජයකයි. මෙය ඉක්මණින් තේරුම් ගැනීම විශේෂයෙන් කාන්තාවන්ට වැදගත්. තමන් රැකියාවක් කරලා මුදල් උපයනවා නම් ගෙදර ඇතිවන ආර්ථිකමය ගැටළු වලට කාන්තාවන්ටත් දායක වෙන්න පුළුවන්.

සමහර විට සැමියාගෙන් වෙන්වෙන්න, නැත්නම් දික්කසාද වෙන්න සිදුවුනොත් සමාජයේ ඇති ගැටළු වලදී මට ශක්තියක් තියෙනවා. වරක් එක් පුද්ගලයෙක් කියා තිබුණා  “කරදරයක් ඇතිවීම පෙර ඊට සුදානම්ව සිටීම යහපත්” බව. මේ කතාවෙන් මගේ අදහස තවත් පැහැදිළි වෙනවා.

කාන්තාවක් ලෙස ඔබටත් සමාජයේ ස්ථාවරව ඉදිරියටම යන්න මග හෙළි කිරීමට ඔබේ හොඳම මිතුරිය theAsianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.

 

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • රැකියාවක් කරන හැම අම්මා කෙනෙක්ගේම ශෝචනීය කථාව
බෙදාගන්න :
  • දරු උපතෙන් පසුව නැවත රැකියාවට යන ඔබ මේ කරුණු 5 සැලසුම් කල යුතුයි

    දරු උපතෙන් පසුව නැවත රැකියාවට යන ඔබ මේ කරුණු 5 සැලසුම් කල යුතුයි

  • ගෙදර වැඩට පුතාලා එක් කරගත යුත්තේ ඇයි කියා ඔබ සිතුවාද?

    ගෙදර වැඩට පුතාලා එක් කරගත යුත්තේ ඇයි කියා ඔබ සිතුවාද?

  • දරු උපතෙන් පසුව නැවත රැකියාවට යන ඔබ මේ කරුණු 5 සැලසුම් කල යුතුයි

    දරු උපතෙන් පසුව නැවත රැකියාවට යන ඔබ මේ කරුණු 5 සැලසුම් කල යුතුයි

  • ගෙදර වැඩට පුතාලා එක් කරගත යුත්තේ ඇයි කියා ඔබ සිතුවාද?

    ගෙදර වැඩට පුතාලා එක් කරගත යුත්තේ ඇයි කියා ඔබ සිතුවාද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it