theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන්ට දරුවන් වෙන්න ඉඩදෙමු.

2 අවම කියවීම
දරුවන්ට  දරුවන් වෙන්න ඉඩදෙමු.දරුවන්ට  දරුවන් වෙන්න ඉඩදෙමු.

ඉස්සර අපේ ළමා කාලය කොච්චර සුන්දර ද? අපිට සෙල්ලම් කරන්න , පරිසරයත් එක්ක ජීවත් වෙන්න ගුණාත්මක කාලයක් තිබුනා. ඒ වගේම අපිත් ඉගෙන ගත්තා. ඒ කාලේ වෛද්‍යවරු, ඉංජිනේරු වරු බිහි වුනා. ඒත් ළමා විය මේ තරම් සංකීර්ණ වුනේ නැහැ...

ඒ අද , ඔව් ඔක්තෝබර් පළවෙනිදා, ලෝක ළමා දිනය (Childen's Day). ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටි දිනය, එකම වගේ ආදරණීය ලෝකයක් බලාපොරොත්තු වන ළමයින්ටත් වැඩිහිටියන්ටත් පළමුවෙන්ම ඔවුන්ට වෙන්වු දවසේ නිරෝගී සම්පත්තිය පතන්න මම කැමතියි.

විශේෂයෙන් පුංචි දරුවෝ ගැන ලෝකයම හිතනවා. මුළු ලෝකයක්ම  ඒ වෙනුවෙන් සුදානම් , බොහෝ සැනකෙලි,වැඩසටහන් , තෑගි බෝග ඔවුන් වෙනුවෙන් සුදානම්, ඒත් ඒ සියල්ලටම ඔබ්බෙන් ගිය ඔවුන්ගේ ළමා කාලය අපිට ඔවුන් වෙනුවෙන් දෙන්න බැරිද?

ඉස්සර අපේ ළමා කාලය කොච්චර සුන්දර ද? අපිට සෙල්ලම් කරන්න, පරිසරයත් එක්ක ජීවත් වෙන්න ගුණාත්මක කාලයක් තිබුනා. ඒ වගේම අපිත් ඉගෙන ගත්තා. ඒ කාලේ වෛද්‍යවරු, ඉංජිනේරු වරු බිහි වුනා. ඒත් ළමා විය මේ තරම් සංකීර්ණ වුනේ නැහැ .

ඇත්තටම මොකද වුනේ?

පුංචි දරුවෝ අ යන්න ආ යන්න කියන්න පටන් ගත්ත දවසේ ඉදලා වැටෙන්නේ නොනවතින තරගෙකට, ඉස්සර වගේ ළමයින්ට ගෙදර ඉන්න කාලයක් නැහැ, ඉස්සර නම් ඉස්කෝලේ බලාංශයෙන් පටන් ගත්තා. ඒත් දැන් එහෙම නැහැ.

ප්ලේ ගෘප්, ලෝවර් නසරි, අපර් නසරි කියලා පෙර පාසැල්ම යනවා අවුරුදු තුනක්. ඊට අමතරව එලකියුෂන් , ඉංගිලිෂ්, ආර්ට්, ඩාන්සින් වගේ ටියුෂන් යවනවා. උපාධිය ගන්න දරුවෙකුට තරම් බරක් දරුවන්ගේ හිස පැටවිලා.

ඉස්කෝලේ යන්න ගත්ත දවසේ ඉදන් ශිෂ්‍යත්වය, O/Level, A/Level, කැම්පස්, කවදාද මේ තරගේ ඉවර වෙන්නේ? වැඩිහිටියන් වු පසුද?

නෑ ඒක එහෙම වෙන්නේ නැහැ ඔවුන් වැඩිහිටියන් වු පසු ආයෙමත් තමන්ගේ දරුවන් අරන් තරගේ දුවනවා.

ඇත්තෙන්ම අපි අපේ දරුවන්ට හොද අධ්‍යාපනයක් දෙන්න ඕනී. ඒක අපේ වගකීම වෙනවා . ඒත් දරුවන්ව ඔවුන්ගේ ළමා කාලය තුල පමණට වඩා වෙහෙස වීම තුල ඔවුන්ට ඒ සුන්දර කාලය අහිමි වී යනවා. අපි අද ආදරයෙන් මතක් කරන ළමා කාලය අනාගතයේ දවසක අපේ දරුවන්ට මතක් කරන්න වෙන්නේ වේදනාවෙන්,

අපි අවුරුද්දට එක දවසක් ඔවුන්ට වෙන් කරනවා - ලෝක ළමා දිනය. එදාට නම් ඇති නොවෙන විනෝදයක් ඔවුන්ට ලබා දෙනවා. අවුරුද්දට එක දවසක් ඔවුන් ළමුන් වීම ප්‍රමාණවත්ද ?

අම්මේ , තාත්තේ මොහොතක් හිතන්න, තරගෙක දුවන හැම කෙනෙක්ම ජයග්‍රහකයින් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ජීවිතය ජය ගන්නෙත් නැහැ.

ඇත්තට දරුවන්ට හැකි උපරිමයෙන් අපි උගන්වන්න ඕනී. හැබැයි ඉගැනගැනීම වේදනාවක් නොවෙන්න. අවුරුද්දට එක දවසක් ළමා දිනයක් නොකර අවුරුද්දේ  හැම දවසක්ම ලෝක ළමා දිනයක් කරමු.

දරුවාව ඉගනීමට යොමු කරන අතර ඔවුන්ට සෙල්ලම් කරන්න විනෝද වෙන්න අවස්ථාවක් දෙන්න. හැබැයි ඒ කොම්පියුටර් ගේම් හා රූපවාහිනිය නැරඹීම නම් නොවේ. ඔවුන්ට ඇග වෙහෙසා අනික් ළමුන් හා මිශ්‍ර වෙමින් සෙල්ලම් කරන්න දවසේ වෙලාවක් වෙන් කරන්න . ඔවුන්ව ජීවිතය පිලිබඳ අත්දැකීම් ලැබිය හැකි චාරිකා මෙන්ම වෙහෙස මහන්සිය නිවෙන චාරිකා රැගෙන යන්න.

දරුවා අරගෙන රැල්ලට යන්න එපා. තරගෙට දුවන්න එපා. ඔවුන්ට ඔවුන්ගේ ජීවිතය මග හැරෙන්න දෙන්න එපා.

අපි ඔවුන්ට ලස්සන ළමා කාලයක් දෙමු.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • දරුවන්ට දරුවන් වෙන්න ඉඩදෙමු.
බෙදාගන්න :
  • A tribute to my Mum-in-law: Happy Mother’s Day!

    A tribute to my Mum-in-law: Happy Mother’s Day!

  • හිතුවක්කාර පුංචි ගවේෂකයා - එලියට යන්න හිතිලා

    හිතුවක්කාර පුංචි ගවේෂකයා - එලියට යන්න හිතිලා

  • A tribute to my Mum-in-law: Happy Mother’s Day!

    A tribute to my Mum-in-law: Happy Mother’s Day!

  • හිතුවක්කාර පුංචි ගවේෂකයා - එලියට යන්න හිතිලා

    හිතුවක්කාර පුංචි ගවේෂකයා - එලියට යන්න හිතිලා

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it