රජයේ පාසැල් වල 2021 වර්ෂයේ පළමු වසරට සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත්‍රය නිකුත් කර තිබෙනවා.
ඒ සඳහා උපයෝගී කරගත හැකි ආදර්ශ අයදුම් පත්‍රය පහත වෙබ් සබැදිය මත click කිරීමෙන් ඔබට ලබා ගත හැක.
අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සියලුම විස්තර එහි අන්තර්ගත කර ඇත. අයදුම්පත්‍රය හොඳින් කියවා බලා එය නිවැරදිව පුරවා අදාල පාසලේ විදුහල්පති වෙත 2020 ජූනි 30ට පෙර රෙජිස්ටර් තැපෑලෙන් යොමු කරන්න.
2021 පළමු වසර අයදුම් පත්‍රය යොමු කිරීමට ප්‍රථම සැලකිය යුතු කරුණු කිහිපයක් පහත දක්වමු
- 2021 ජනවාරි මස 31 වන දිනට දරුවාගේ වයස අවුරුදු 05 සම්පුර්ණ වී තිබිය යුතුයි.
- ඔබේ පදිංචි ස්ථානය තහවුරු කිරීම පිලිබඳ විස්තර කියවා බලා සැකවින් ලේඛනගත කරන්න.
- ඔබේ භාරකතිත්වය පිලිබඳ විස්තර මැනවින් කියවා බලා සකස් කරන්න.
- අයදුම්පත ඉදිරිපත් කිරීමේ ක්‍රියාදාමය මැනවින් පිළිපදින්න.
- ලකුණු ක්‍රමය සිදුවන ආකාරය හා තෝරා ගැනීමේ පටිපාටිය ගැන කියවා අවබෝධ කරගන්න.
ඔබේ දරුවාට සුභ අනාගතයක් හා පැහැබර, අරුත්බර පාසැල් ජීවිතයක් ප්‍රර්ථනා කරමු.
(Image from Newsfirst.lk)