theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දැන් අනිවාර්ය නැති බව ඔබ දන්නවාද?

3 අවම කියවීම
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දැන් අනිවාර්ය නැති බව ඔබ දන්නවාද?5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දැන් අනිවාර්ය නැති බව ඔබ දන්නවාද?

5 වසර ශිෂ්‍යත්ව විභාගය කියන්නේ අනිවාර්ය නැති අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කරයි. මෙය දරුවාගේ නිර්මාණශිලිත්වය ප්‍රගුණ කරන්නට අනගි අවස්තාවක් නොවේද?

5 වසර ශිෂ්‍යත්ව විභාගය ගැන සඳහන් කරන්නට කලින් විභාගයක් කියන්නේ කුමක්දැයි බලමු

5 වසර ශිෂ්‍යත්ව විභාගය

සාමාන්‍යයෙන් විභාගයක් කියලා කියන්නේ දරුවකුගේ නිර්මාණ ශක්තිය, විශේෂ කුසලතා, නිර්මාණාත්මක චින්තනය, ප්‍රායෝගික හැකියාවන්, ප්‍රායෝගික දැනුම, සාමාන්‍ය දැනීම වැනි බොහෝ දේවල් කෙරෙහි දරුවෙක් තුළ ඇති ප්‍රවණතාව අධ්‍යයනය කරන මිනුම් දණ්ඩක්. මෙම මිනුම් දඬු අතරින් 5 වසර ශිෂ්‍යත්ව විභාගය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ විශේෂ තැනක් ගන්නවා.

මොකක්ද මේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය කියන්නේ

1931 සිට 1947 දක්වා අධ්‍යාපන ඇමතිවරයා ලෙස කටයුතු කළේ සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මහතායි.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට මහඟු සේවයක් ඉටු කළ මෙම ඇමතිවරයා මෙම යුගයේදී ඇතිකල අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් තමයි පස් වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය කියන්නේ.

මෙම ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රධානම අරමුණ වන්නේ අඩු ආදායම් ලබන පවුල් වල දක්ෂ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යාමට සමාන අවස්ථාවක් සලසා දීමයි.

නමුත් කවුරුත් දන්නා පරිදි මෙම විභාගය සියළුම දරුවන් අතර ඉතා තරඟකාරී තත්වයක් ඇති කරනු ලැබුවා. දරුවන් මෙම ශිෂ්‍යත්ව ව්භාගය නිසා මහත් මානසික ආතතියකට පත් වුයේ ඇතැම් අවස්ථා වල ඉතාම භයංකර තත්ව පවා උදා කරමින්.

මෙම ආන්දෝලනාත්මක තත්වය හමුවේ අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මෙම ශිෂ්‍යත්ව විභාගය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සලකා බැලුවා.

මේ සඳහා ළමා මනෝවිද්‍යාඥයින්, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු විද්වතුන් රැසකගෙන් සමන්විත කමිටුවක් පත්කරනු ලැබුවා.

5 වසර ශිෂ්‍යත්ව විභාගය

මෙම සාකච්චා වල ප්‍රතිඵලයක් ලෙස පසුගිය අප්‍රියෙල් මස නිකුත් කල චක්‍රලේඛන අංක 8/2019 ට අනුව මෙම වසරේ සිට ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය නොවන විභාගයක් බවට පත්කරනු ලැබුවා.

දරුවන්ගේ බුද්ධිය මෙතෙකැයි විභාග ප්‍රශ්ණ කිහිපයක මිනුම් දණ්ඩකින් තීරණය කරන්නට අපහසුයි.

එමෙන්ම දරුවකු එසේ ප්‍රශ්ණ පත්‍ර රාමුවකට කොටු කිරීම මගින් අප නොදැනුවත්ව කෙරෙනුයේ දරුවාගේ බුද්ධිය විෂය මාලාවන් කිහිපයකට සීමා කිරීමක්.

මෙම වසරේ සිට ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය නැති පුවත, ඔබ දරුවාගේ යහපත වෙනුවෙන් යොදා ගනී යන්න අපගේ විශ්වාසයයි.

සාමාන්‍යයෙන් විෂය ධාරාවක් කෙරෙහි දරුවාගේ කාලය, ශ්‍රමය, ශක්තිය සියල්ල යොමු වනවා. ඒ වෙනුවට, දරුවාගේ ළමා කාලය තුළ ස්වභාව ධරය අගය කරමින්, අනෙක් දරුවන් හා සෙල්ලම් කරමින් කාලය ගෙවන්නට යොමු කරන්න.

මෙම ළමා අත්දැකීම් දරුවාගේ අනාගතයට මිල කල නොහැකි වටිනාකම් එකතු කරනවා.

ඔබේ ළමා කාලය ගැන මතකයන් ආවර්ජනයක යෙදෙන්න. අලංකාර චිත්‍රපටයක් සේ ඔබේ සිතට නැගෙන රූප රාමු කෙතරම්ද? ඔබේ දරුවාට කවදා හෝ ආවර්ජනය කිරීමට එවන් රූප රාමු සමුදායක් ඔබ දායාද කරනවාද? එසේ නැතිනම් කවදා හෝ දරුවට ඉතිරි වන්නේ පාසලත්, පන්තියත්, පොත් පත් සමඟත් පමණක්ම ගත කල කාලය වනු ඇත.

ශිෂ්‍යත්ව දරුවන් සමඟ කල හැකි ක්‍රියාකාරකම් කිහිපයක්

  1. සෑම සති දෙකකටම වරක් වත් කලකින් බැහැ දැක නැති නෑ හිතවතෙක් මුණ ගැහෙන්නට යන්න.
  2. දරුවන් සමඟ සතියකට දෙවරක් වත් ඔවුන් කැමති ආහාරයක් පිසින්න.
  3. පුවත්පත් සිරස්තල කියවන්න. ඒවා ගැන ඔවුන්ගේ අදහස් විමසන්න.
  4. ළමා පුවත්පත් මිලදී ගන්න. ඒවාට ලිපි, චිත්‍ර කවි ආදිය ලියන්නට යොමු කරන්න.
  5. දරුවන්ව විනෝදාංශයකට යොමු කරන්න.
  6. ගමේ, පන්සලේ සාමුහික කටයුතු, දාන මාන වලට දරුවන්වද සහභාගී කරවාගන්න.
  7. වසරකට දෙවතාවක්වත් ළමා නිවාස, වැඩිහිටි නිවාස වලට ගොස්, එහි වෙසෙන්නන් හා කුළුපග වන්න, විනෝද වන්න.
  8. නිවසේ හෝ පිටත හෝ පුංචි විනෝද ගමනක් (Picnic) එකක් යන්න.
  9.  දෙමාපියන්ට, යහළු මිත්‍රයින්ට නිවසේ සැදූ ආහාරක් හෝ අත්කම් නිර්මාණයක් හෝ පැලයක් වැනි දේ තෑගි දෙන්න. එම නිර්මාණ වලට දරුවන් හවුල් කරගන්න.
  10. ඔබේ දෙමාපියන්ට විෂේශාකාරයෙන් සලකන්න. දරුවන්ටත් තම සීයාට ආච්චීට සලකන්න කියා දෙන්න.

5 වසර ශිෂ්‍යත්ව විභාගය

ඉතින් ඉහත ලැයිස්තුව දරුවන් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කරන්නේ නම් මග හැරෙන ලැයිස්තුවක්.

සුළු ලෙස පෙනුනත් දරුවාගේ ජිවිතයට මිල කල නොහැකි අත්දැකීම් හා වටිනාකම් රැසක් එක්කරන ක්‍රියාකාරකම් කිහිපයක්. ඔබ මේවායින් හැකි තරම් අත්දැකීම් දරුවාට ලබා දීම අපගේ පැතුමයි.

ඡායාරූප: අද දෙරණ වෙබ් අඩවියෙන්

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • අධ්‍යාපනය
  • /
  • 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දැන් අනිවාර්ය නැති බව ඔබ දන්නවාද?
බෙදාගන්න :
  • 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ගැන ඔබ දැනගත යුතු උපදෙස් 9ක්

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ගැන ඔබ දැනගත යුතු උපදෙස් 9ක්

  • මේ පසුගිය 5 වසර ශිෂ්‍යත්ව ප්‍රශ්ණ පත්‍ර එකතුව ඔබට අත්වැලක් පිණිසයි!

    මේ පසුගිය 5 වසර ශිෂ්‍යත්ව ප්‍රශ්ණ පත්‍ර එකතුව ඔබට අත්වැලක් පිණිසයි!

  • 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ගැන ඔබ දැනගත යුතු උපදෙස් 9ක්

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ගැන ඔබ දැනගත යුතු උපදෙස් 9ක්

  • මේ පසුගිය 5 වසර ශිෂ්‍යත්ව ප්‍රශ්ණ පත්‍ර එකතුව ඔබට අත්වැලක් පිණිසයි!

    මේ පසුගිය 5 වසර ශිෂ්‍යත්ව ප්‍රශ්ණ පත්‍ර එකතුව ඔබට අත්වැලක් පිණිසයි!

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it