theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අවුරුදු විස්සේදී මාතෘත්වයෙන් පිදුම් ලැබු මා කිසිදා ඒ් ගැන දුක නොවෙමි.

5 අවම කියවීම
අවුරුදු විස්සේදී මාතෘත්වයෙන් පිදුම් ලැබු මා කිසිදා ඒ් ගැන දුක නොවෙමි.අවුරුදු විස්සේදී මාතෘත්වයෙන් පිදුම් ලැබු මා කිසිදා ඒ් ගැන දුක නොවෙමි.

අඩු වයසින් මාතෘත්වයේ මිහිර හොයා ගිය මේ අම්මාගේ අත්දැකීම්:

ගැහැනු ළමයින් පාසැල් දිවිය විනොදයෙන් ගත කරන, සාද වලට යන ජීවිතය වගකීමෙන් තොර වයසක මම මාතෘත්වය තෝරා ගත්තා. ඔව්, මට වයස අවුරුදු විස්සේදී  මාතෘත්වය තෝරාගත් අතර මට අවුරුදු විසිඑකක් වන විට මගේ පුංචි පැටියාගේ පැමිණීම මං ආඩම්බරයෙන් ප්‍රකාශ කලා.

මාතෘත්වය: ඔබ ප්‍රථම වරට ඔබේ දරුවා දකින විට...

චුටී ඇගිලි මගේ ඇගිලි වල බැදිලා, පුංචි සම යනවා, රතු පාට හම යන සියල්ලම මට මගේ පුංචි පැටියා හා ආදරයෙන් වෙළෙන්න හේතු වුනා.

ඔබේ දරුවා දකින විට ඔබේ මනසට නැඟෙන මුල්ම සිතුවිල්ල නම්, "මම  දරුවෙකු නිර්මාණය කලා. සම්පූර්ණ මිනිසෙක්, මාගේම කොටසක්."

මෙම අතිමහත් සිතුවිලි නැති වී ගිය පසු, ඔබ ඔබේ දරුවා සමඟ සෑම මොහොතක්ම ජීවත් වීමට පටන් ගන්නා අතර ඉදිරියට පැමිණෙන සියලු අභියෝග සඳහා සූදානම්ව වෙනවා.

මගේ පුතා කෙළිදෙලෙන් කාලය ගත කරන ප්‍රීතිමත් ළදරුවෙක් වගේම අනෙක් අය සමග සුවපහසුවෙන් ගත කරනවා.

සම්බන්ධ වු ඉන්දියානු පවුලක ජීවත් වීම නිසා සෑම කෙනෙකුගෙන්ම මහත් ආදරයක් ඔහුට ලැබුනා. ඔහු මවගේ  පැත්තෙන් පළමු දරුවා වු අතර  ඔහු ඔවුන්ගේ  කැමතිම පුද්ගලයා විය.

ඔහු කුසගිනි වු විට පමණක් හඬා වැලපෙන අතර, එවැනි හඩන අවස්ථා එතරම්  නොතිබුණි. කෙසේ වෙතත්, ඔහු නිදානොගැනීම තිබුන විශාලම ගැටලුවක් වුනා.

ඔහු දිවා කාලයේ හෝ රාත්‍රියේ ඕනෑම මොහොතක නිදා නොගෙන සිටිනවා.

ඔහුගේ  දෑත් සහ පතුල් උඩ විසි කරමින්, පැදුර මත සාර්ථකව හිද ගෙන  සෙල්ලම් බඩු විසුරැවා සෙල්ලම් කරමින් ඔහු විතරක් නම් ගේ පුරා ඇවිදිමින් දිවා කාලයේ ඔහු බොහෝ සෙයින් සෙල්ලම් කළ බැවින් දවල් කාලය කළමනාකරණය කරගත හැකි වුනා.

ඒකම බාධකය වුනේ  ඔහු මද විවේකයක් ගන්නා විට පවා මට අසල සිටින්නට සිදුවීමයි.

ඔහු නිදාසිටියදි පවා නිතරම ඔහුගේ ඇස් ඇර මා දෙස බලා, සිනාසී ක්ෂණිකව නැවත නිදාගන්නවා. කෙසේ වෙතත්, ඔහු ඇඳේ මා සිටින බව නොදැනේ නම් , ඔහුගේ සැහැල්ලුව ඉවත්වී  ශබ්ද නගා හඩනවා.

කොහොම නමුත් රාත්‍රිය භයංකාර හීනයක් වගේ වුනා. මගේ සැමියා අවුරුද්දෙන් භාගයක්ම  මුහුදට ගිය විට මම මගේම  නිවසේ තනිවුනා.

මගේ පුතා  මුළු  රාත්‍රියම අවදිව වුන් නිසා නිදි නැති රාත්‍රීන් මාව වෙලා ගත්තා.ඔහු  මට පැය භාගයක වත් නිදහසක් ලැබෙන්නට පෙර පැය භාගයක පමණ  සිට  විනාඩි හතලිස් පහක් පමණ කාලයක් නිදාගෙන අවදි වී පැය දෙකක් පමණ සිටිනවා.

මගේ පුතා නිදිකරවන්න අමාරුයි...

මගේ මාමණ්ඩිය උදෑසන මට විශාල සහායක් ලබාදුන්නා. මම පුතාගේ කුස හොදින්  පුරවා ඔහුට  භාර දෙනවා.

එවිට ඊළඟ පැය හතර මට සුව නින්දක් ලබා ගත හැකිවුනා. දවසේ පැය විසිහතර සලකන විට මගේ පුතා දවසට පැය හතරේ සිට හය දක්වා නිදිකරවීම අපහසු වු අතර එයත් එකදිගට නිදාගත්තේ නැහැ.

සියලුම අධ්‍යනයන්  ළදරුවන් සඳහා දිගු නින්දක අවශ්‍යතාවය  පෙන්වන විට ඔහුගේ   ශක්තිය හා වර්ධනය කළමනාකරණය කරන අයුරු  දන්නේ දෙවියන්ම පමණයි.  

එපමණක් නොව ඔහු එතරම් දිගු පැය ගණනක් තිස්සේ අවදිව සිටින  බැවින් ඔහුට හැම විටම කුසගිනි දැනෙනවා.

අතිරේක ආහාර අවශ්‍යතාවය  සඳහා  සෑම පැය 4 කට වරක් මව්කිරි දීමට අමතරව පුර්ණ ආහාර වේලක් ලබා දීමට මට සිදු වුනා. ඒ නිසා දිවා රාත්‍රී දෙකෙහිම  මේ චක්‍රය දිගින් දිගටම පැවතුනා.

ඊට පස්සේ ඔහු දණගාන අවධියට පැමිණියා. මාස 7.5 ක් වන විට ඔහු අසිරූවෙන් නැගී සිටි  අතර ඝන  වු නමුත් හිස් ෆයිල්  කවර දෙකක් ආධාර කර ගෙන  මේ විසල් ලෝකයට පළමු පියවර පහ තිබ්බා.

දරුවා දණ ගාන්නේ නැතිව ඇවිදීමේ ප්‍රවීණත්වය ලැබීමට තීරණය කලා නම්, ඔවුන්ට  දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවනු ඇත.

තමාට වෙනස් දෙයක් කිරීමට හැකි වීමෙන්  ඔහු කලබලයට පත් වේවි. එබැවින් ඔහු නිතරම නැගී සිටිමින්, ඔහුගේ ස්ථාවර නොවු දණහිස්  සමග ඇවිදින්න උත්සාහ කරමින් ඔහු ඔහුගේ ඉලක්කය ලෙස තීරණය කරන ඕනෑම ස්ථානයකට වේගයෙන්  ඇදියාවි.

එම ස්ථානයට ඉතා සමීප වන විට, ඔහුගේ උද්‍යෝගය  ඔහු අභිබවා යා  හැකි අතර ඔහු බිම ඇද වැටෙනු ඇත.

මෙය සැලකිල්ලක්  දැක්විය  යුතු වූ අතර, එබැවින් මම සෑම විටම දැඩි අවධානයෙන්  සිටිමින් ඔහු පසුපස දණ ගා  ඇවිද යමින් ඔහුව වැටුනොත් අල්ලා  ගැනීමට දෑත් සුදානමින් තබා ගත්තා.

මෙයට මාස දෙකක් පමණ ගත වු අතර  මාස 10 ක් පමණ වන විට ඔහුට මදක් සැලකිය යුතු මට්ටමින් ස්ථාවරව ඇවිදින්න පුළුවන්  වුනා.

ඔහු ඇවිදින්න පටන් ගත් පසු මට  තවත් අභියෝගයකට  මුහුණ දෙන්න වුනා. රාත්‍රියේදී  ඔහුට මුත්‍රා කරන්න අවශ්‍ය  වූ විට ඔහු අඳුරේම කිසිම දැනුම් දීමකින්  තොරව නැඟිට ඇඳේ ඇවිදීමට පටන් ගත්තා.

ඔහු ඇස් වසාගෙන ඇඳෙන් වැටේ යැයි මට වහා ක්‍රියාත්මක වීමට හා ඔහුගේ අතක් අල්ලා ගෙන අවධානයෙන්  නිදාගන්න සිදු වුනා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

ඔහුගේ නින්ද අවශ්‍ය නොවන  ක්‍රියාකාරකම් අවුරුදු දෙකක් වනතුරු පැවතුන අතර ඉන් පසුව ප්‍රාතිහාර්යයක් සිදු වු ලෙස ඔහු තුල හොද නිදා ගැනිමේ රටාවක් වර්ධනය වුනා.

ඒ දවස් දෙස මම ආපසු හැරි බැලූ විට,  මා මාතෘත්වය තෝරාගන්න  පසු අවධියක තෝරා ගත්තා නම මම ඔහුව එවකට  කළමනාකරණය කල අයුරින්  මට  එසේ කල නොහැකි වේවි.

පැය විසිහතර පුරාම අවදිව ඉන්න, සෑම පුංචි නින්දකින් පසු ක්‍රියාකාරිව සිටිමින් ඔහු බිම වැටී හිස නොවැදීම සදහා මට ඔහු පසුපසින් දණ ගා ගාමින් යන්න වුනා. මම දැන් මගේ වයස තිස් ගණන් වල ඉන්න නිසා මට දැන් නම් මෙය කොහෙත්ම කල නොහැකියි.

දැන් මට පහසුවෙන් මහන්සිය දැනෙන අතර දණ ගා යන්නට අපහසුයි. මගේ කාලය ඉකුත්ව ඇති නිසා නොවෙයි, නමුත් මේ දිනවල සෑම දෙනාටම විවිධ දේවල් වලින් පිරී ඇති අතර, සාපේක්ෂ වශයෙන් තරුණ අවධියේදීම අපි වයසට ගිය බවක් දැනෙනවා.

මම අවුරුදු 34 ක් වන විට මගේ පුතා නව යොවුන් වියට එළඹෙනවා. නුදුරු දිනකදී ඔහු ඔහුගේ නව යොවුන් වියට ඇතුල් වේ.

දැන් මට කටයුතු කිරීමට වෙනත් විදියේ ගැටලු ඇත. මම ඔහුගේ පුරුදු සමඟ මගේ ලිපි ආරම්භ කලත් ඒවා මුළු දවස පුරාම මට ඇසෙන දේවල් එක්ක බලන විට භාගයක්   වේ.

ඒ් ඔහු ඉතාමත් අකීකරු දරුවෙකු නිසා නොවන නමුත් නව යොවුන් වියේ බලපෑම නිසැකවම ඔහුටද බලපානු ඇති නිසයි.

මගේ වාසනාවට මට මේ සියල්ලට මුහුණ දෙන්න වන්නේ අඩු වයසකදි වේ. මම මගේ වයස අවුරුදු හතලිස් ගණන් වල සිටියා නම් මේ සියල්ල කල යුතු ආකාරය සිතමින් ඉන්නට වෙනවා.

ඇතැම් විට සාමන්‍ය ක්‍රමයෙන් ඉවතට ගොස් (ඒකාබද්ධ සහයෝගීතාවයේ රැඳී සිටීමේ වාසි) මට මගේ මාතෘත්වයේ පීඩනය මගහැරී හැරීම සහතික කර දුන් මගේ ස්වාමි පුරුෂයාට ස්තූති නොකර, මෙම සටහන මම අවසන් කළ නොහැක.

අපි බොහෝ තැන් වල ගිය අතර ඒ් සදහා අපේ පුතාත් රැගෙන ගියා. ඉතින් මම මේ ජීවිත කාලය ආදරණිය ජීවිතයක්  ගත කලා.

කර්තෘගේ සටහන: මේ සියල්ල මගේ පෞද්ගලික අත්දැකීම් මත පදනම්ව වු මගේ පෞද්ගලික අදහස්, මම මේ ලිපිය ලිවීම මගින් මම කිසිවෙකුගේ හැඟීම්වලට හානියක් කිරීමට අදහස් නොකරයි. පසුකාලීන මාතෘත්වය  තෝරා ගත් බොහෝ කාන්තාවන් මා වටා සිටින සිටින අතර, ඔවුන් ඒය මට වඩා හොඳට සිදු කරයි. සියලුම මව්වරුන්  ආදරයෙන් වැළද ගනිමි.

අඩු වයසින් මාතෘත්වය මිහිර හොයා ගිය මේ අම්මාගේ අත්දැකීම් ඔබ වෙත ගෙන ආවේ the Asianparent Sri Lanka වෙතිනි.

 

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • අවුරුදු විස්සේදී මාතෘත්වයෙන් පිදුම් ලැබු මා කිසිදා ඒ් ගැන දුක නොවෙමි.
බෙදාගන්න :
  • අම්මලාගේ ලස්සන ලාබාල පෙනුම රැකගන්න ළමයි කීදෙනෙක් සිටිය යුතුද?

    අම්මලාගේ ලස්සන ලාබාල පෙනුම රැකගන්න ළමයි කීදෙනෙක් සිටිය යුතුද?

  • මවකගේ කැප කිරීම ගැන සොඳුරු සටහනක්

    මවකගේ කැප කිරීම ගැන සොඳුරු සටහනක්

  • අම්මලාගේ ලස්සන ලාබාල පෙනුම රැකගන්න ළමයි කීදෙනෙක් සිටිය යුතුද?

    අම්මලාගේ ලස්සන ලාබාල පෙනුම රැකගන්න ළමයි කීදෙනෙක් සිටිය යුතුද?

  • මවකගේ කැප කිරීම ගැන සොඳුරු සටහනක්

    මවකගේ කැප කිරීම ගැන සොඳුරු සටහනක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it