වසරකට ඩොලර් මිලියන 11 ක් උපයන අවුරුදු හයක දරුවෙක්!

lead image

මේ රයන්... ඔහු Ryan ToysReview නම් YouTube නාලිකාවට පිටුපසින් සිටින්නා වේ.  

ඔහු ආදරණීයයි පමණක් නොව, ඔහු  මිලියන පතියෙක්ද වෙනවා. අවුරුදු හය වසරක් වයසැති රයන්, ඩොලර් මිලියන 11 ක විශාල මුදලක් YouTube නාලිකාවෙහි සෙල්ලම් බඩු සමාලෝචනය කිරීමේ නාලිකාවක් තුලින් එකතු කරගෙන ඇත!

ෆෝබ්ස් (Forbes) වාර්ෂික ලැයිස්තුව අනුව ඔහු ඉහළම ඉපැයූ YouTube තරු අතර අටවන ස්ථානයේ පසුවෙයි.

අන්තර්ජාලයේ විශාල මුහුණුවරක් ඇති මෙම සිත්ගන්නා පිරිමි ළමයා එහි ලාබාලතම පුද්ගලයාද වෙයි.

2015 මාර්තු මාසයේ ආරම්භ වූ තැන් පටන් වසර දෙකක් ගතවෙන විට සෙල්ලම් බඩු සමාලෝචන නාලිකාව මේ වන විට දායකයන්  මිලියන 10 ක් දක්වා වර්ධනය කර ගෙන ඇත. 

රයන්,  වයස අවුරුදු හතරක් ළමයෙක් වශයෙන්  ඔහුට YouTube හි සෙල්ලම් බඩු සමාලෝචනය කරන්න නොහැක්කේ ඇයිදැයි ඔහුගේ දෙමව්පියන්ගෙන් ඇසිමත් සමගම මේ සියල්ල ආරම්භ විය.

මේ අනුව ඔහුගේ YouTube නාලිකාව උපත ලැබීය.

src=https://nextshark vxdsockgvw3ki.stackpathdns.com/wp content/uploads/2017/12/dad.jpg වසරකට ඩොලර් මිලියන 11 ක් උපයන අවුරුදු හයක දරුවෙක්!

අන්තර්ජාලයේ ජනප්‍රිය දරුවෙක් බවට ලත්වෙමින් ඔහු අන්තර්ජාල තුල ඉහල ජනප්‍රියත්වයක් ලැබුවා.

ඔහුගේ සමාලෝචන වීඩියෝ වලින් එකක් වන ඩිස්නි "මෝටර් රථ" සෙල්ලම් කට්ටලයක් සදහා ඔහු කරන ලද සමාලොචනය මිලියන 800 ක් නරඔමින් ලොව පුරා ප්‍රචලිත විය.

ඔහුගේ අම්මා තමන්ගේ රැකියාව අතහැර නාලිකාව ගොඩනගන්න එක් වුනා. එතැන් සිට, ඔහුගේ පවුලේ අඛණ්ඩව සහයෝගයත් සමග Ryan ToysReview නාලිකාව සෑම දිනකම වගේ අලුත් වීඩියෝ මුදාහරිනවා.

Ryan ToysReview   සමාගම මේ වන විට ඉතා විශාල ප්‍රගතියක් පෙන්වයි.

YouTube ජනප්‍රිය දරුවන් තවත් සිටිනවා. සමාජ ජාල මත විඩියො බෙදා ගැනීම සම්බන්ධයෙන් ජනප්‍රිය අනෙක් දරුවන් මෙන්න.

1. Yebin

මෙම පුංචි සුරතල් කොරියානු දරුවාට නාන්නාදුන පිරිමින්   රසකැවිලි දෙන විට ඒවා එපා කියන්නට  ඇයගේ මව පුරුදු කරන වීඩියෝ දර්ශන ලොව පුරා ගොස් මිලියන ගණනක ප්‍රේක්ෂකයන්ගේ සිත් දිනා ගත්තා.

2. EvanTubeHD

Evan of EvanTubeHD නව සෙල්ලම් බඩු පිළිබඳ සමාලෝචන, විවිධ ආහාර වර්ග පරීක්ෂා කිරීම සහ වෙනත් නොසිතා කරන අභියෝග කිරීම කරනවා. ඔහු සතුව මිලියන 3 කට අධික ග්‍රාහකයින් සහ බිලියන 2 කට වඩා වැඩි දර්ශන නැරඹීම් තියෙනවා.

3. Gabe and Garrett

Gabe සහ Garrett සතුව 1.2 මිලියනක ග්‍රාහකයින් සහිතව පවර් වීල් කිඩස් වාහන පැදීමේ ත්‍රසයජනක අත්දැකීම් බෙදාහදා ගන්නා YouTube නාලිකාවක් තියෙනවා.

4. Kid's Toys

මෙම ආකර්ෂණීය ෆිලිපීන සහෝදරියන් දෙදෙනා මිලියන 2.5 ක ග්‍රාහක පිරිසක් සිහිත ඔවුන්ගේ ආකර්ෂණීය වීඩියෝ දර්ශන බිලියන 2 කට අධික නැරඹුම් සංඛ්‍යාවක් ලබාගෙන ඇත.

ඔබේ දරුවාගේම YouTube නාලිකාව ආරම්භ කර ආශ්වාදයක් ලැබීමට අවශ්‍යද? පහත දැක්වෙන බොහො ප්‍රසිද්ධ Ryan ToysReview   විඩියොව නරඹන්න.

YouTube ජනප්‍රිය දරුවන්   මේ අපූරු  තොරතුරු ඔබ වෙත ගෙන ආවේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී