Covid-19 අඩාල කල දරුවන්ගේ එන්නත් ක්‍රියාවලිය අප්‍රේල් 20 සදුදා සිට

Covid-19 අඩාල කල දරුවන්ගේ එන්නත් ක්‍රියාවලිය අප්‍රේල් 20 සදුදා සිට

දරුවන්ගේ එන්නත් අප්‍රෙල් 20 සිට ලබාදීම ඇරඹෙයි

කොවිඩ් 19 සමග අඩපණ වුන දරුවන්ගේ එන්නත් ලබාදීම මාසයකයක වැඩි කාලයක් ක්‍රියාවිතව පැවතියා.

වසංගතය පැතිර යාම වැලැක්වීමට සමාජ දුරස්ථතාවය ඇති කරමින් මිනිසුන් සිය නිවාස තුලට සීමා කළා

ඒ ඇදීරි නීතිය පැන වීමෙන් සායන සියල්ල අඩපණ වීමෙනි.

තම දරුවන්ට ලබා දීමට නියමිත ප්‍රතිශක්තිකරණ එන්නත් වේලාවට ලබා දීමට නොහැකි වු දෙමව්පියන් කලබලයට පත් වුනා.

මාසයකට වඩා වැඩි කාලයක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වු එම එන්නත් ක්‍රියාවලිය නියමිත ආරක්ෂක ක්‍රමවේදයක් සමග යලි අරඹන බව පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා සිටියා.

පවතින තත්වය යටතේ අවදානම් කලාප වල මෙම ක්‍රියාවලිය ආරම්භ වී නොමැති විය හැකිය. ඒ ප්‍රදේශ සදහාද ඉදිරියේදි ක්‍රමවේදයක් ඉක්මනින් සකස් වේවියැයි අපි බලාපොරොත්තු වෙමු.

දරුවන්ගේ එන්නත් යලිත්

Covid-19 අඩාල කල දරුවන්ගේ එන්නත් ක්‍රියාවලිය අප්‍රේල් 20 සදුදා සිට

ඡායාරූප සදහා ස්තුතිය වෛද්‍ය අමිල ආර් පනංගල සහ ‌වෛද්‍ය රජීව් ජී මූර්ති

ඒ අනුව පසුගිය අප්‍රේල් 20 වැනිදා සිට එය යලිත් ක්‍රියාත්මක වෙන බව වාරතා වෙනවා.

ඒ අනුව මෙම වසංගත සමයේ සමාජ දුර්ස්ථතාවය පවත්වා ගනිමින් ආරක්ෂක ක්‍රමවේදයන් පවත්වා ගනිමින් මෙම එන්නත් ලබා දීමේ ක්‍රියාවලිය කල යුතු ආකාරය පවුල් සෞඛ්‍ය කාර්යාංශය (Family Health Bureau) මගින් දැනුම් දී තිබෙනවා.

මෙම සායන අප්‍රේල් 20 වෙනි සඳුදා සිට ආරම්භ කර තියෙනවා.

දරුවන්ගේ, මව්වරුන්ගේ සහ සෞඛ්‍ය කර්ය මණ්ඩලයේ ආරක්ශාකරි බව හැකි උපරිමයෙට පවත්වාගැනීමට කටයුතු කර තියෙනවා.

මුලින්ම  මේ සදහා ඔබ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිලධාරිණිය (මිඩ්වයිෆ් මිස්) ගෙන් හෝ සායනය අමතන්න.

ඔබේ දරුවාට පසු ගිය කාලය තුල ලබා දීමට  නියමිත යම් එන්නතක්  තිබුනා නම් ඒ බව ඔවුන්ට  දැනුම් දෙන්න.

දරුවාගේ වයස සහ අතපසු වූ එන්නත සලකා බලා අවශ්‍ය තොරතුරු ඔබට ලබා දෙනවා ඇත.

ඔබේ දරුවාට නියමිත එන්නත ලබා දීමට දිනයක් ලබා ගන්න.

එහිදි ඔවුන් එම ඔබගේ අවශ්‍යතාවයන් සලකා බලා සමාජ දුර්ස්ථභාවය නියමිත ආකාරයෙන් පවත්වා ගත හැකි පරිදි තදබදය අවම වේලාවක් ඔබට ලබා දෙනු ලබනවා.

ඔබට අදාල දිනයට සහ වේලාවට පමනක් අදාල ස්තානයට යෑමට වග බලා ගන්න.

වෙනදා සායනය තිබුන තැන වගේ තැනක දැන් සායනය තියන්න අපහසු වේවි.

සෑම කෙනෙක් අතරම මීටරයක දුරක් තබා ගත යුතු බැවින් ඉඩ ඇති තැනක සායනය තබන්න නියමිත කටයුතු යොදා ඇත.

Covid-19 අඩාල කල දරුවන්ගේ එන්නත් ක්‍රියාවලිය අප්‍රේල් 20 සදුදා සිට

ඡායාරූප සදහා ස්තුතිය වෛද්‍ය අමිල ආර් පනංගල සහ ‌වෛද්‍ය රජීව් ජී මූර්ති

පෞද්ගලික රෝහලකින් එන්නත් ලබා ගැනීමටඔබ අදහස් කරනවාද?

එසේ නම් ඊට පෙර දරුවාගේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයාගෙන් හෝ එම රෝහලෙන් එන්නත් තිබේද යන්නත්, අදාල දිනය හා වෙලාවත් දැනගන්න.

දරුවන්ගේ එන්නත්

ඡායාරූප සදහා ස්තුතිය වෛද්‍ය අමිල ආර් පනංගල සහ ‌වෛද්‍ය රජීව් ජී මූර්ති

එවිට අවම වේලාවකින් එන්නත ලබාගැත කටයුතු සලසා ගන්න පුළුවන්.

මේ ක්‍රියා පටිපාටිය පිළිබඳ ව හෝ, දරුවාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව ගැටලුවක් ඇත්නම්, ඔබගේ සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරයාගෙන් හෝ පවුලේ වෛද්‍යවරයාගෙන් හෝ දරුවාගේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයාගෙන් උපදෙස් ගන්න.

මුලාශ්‍ර – මෙම ක්‍රියාන්විතයේ නියුතු වෛද්‍යවරුන් කිහිපදෙනෙකු සමඟ කළ සාකඡ්චාවක් පාදක කොටගෙන මෙම ලිපිය ගොඩනගා ඇත.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

කතන්දර ලිපි