බබාට සෙම්ගෙඩි හැදුනොත්? ඔබ දැන සිටිය යුතු කරුණු මොනවද?

බබාට සෙම්ගෙඩි හැදුනොත්? ඔබ දැන සිටිය යුතු කරුණු මොනවද?

සෙම් ගෙඩි වලට ගෙදරදී කළ හැකි ප්‍රතිකාර හා සෙම්ගෙඩි හඳුනාගත හැකි ආකාර ගැන දැනුවත් වෙන්න.

සෙම්ගෙඩි ඉතා වේදනාකාරී වෙන්න පුළුවන්. විශේෂයෙන් දරුවට කතා කරන්න බැරිනම් එයාට එයාගේ වේදනාව කියාගන්න බැහැ.

උදාහරණයක් ලෙස ළඟදී අවුරුදු 4 වන මගේ පුතාට නරකම ආකාරයෙන් සෙම්ගෙඩි හැදුනා. රාත්‍රියේ උණ සමග දරුවා අපහසුවෙන් හිටියා. හරියට කෑම කෑවෙත් නැහැ. නමුත් වෙනත් රෝග ලක්ෂණ නොතිබුන නිසා මට හේතුව හොයාගන්න බැරි වුණා. එයාව ඩොක්ටර් ළඟට අරගෙන ගියහම තමයි දැනගත්තේ සෙම්ගෙඩි හැදිලා කියලා.

ඔහු බබාට ප්‍රතිජීවක ඖෂධ ලබාදුන් අතර එය තවදුරටත් වර්ධනය විය හැකිවුවත් ඉන් කලබලයට පත් නොවන ලෙස කිවුවා. වෛද්‍යවරයා කලබල නොවන ලෙස කිව්වා වුනත් දරුවා අපහසුවෙන් ඉන්නකොට දෙමාපියන්ට වැඩ කරන එක ලේසි නැහැ.

මොකද මට දැනුනා මගේ බබාට ඒක කොයි තරම් වේදනාවක්ද කියලා. ඉතින් මගේ හිතේ වේදනාවත් බබාගේ ඇඟේ වේදනාවත් දෙකම නිසා මම ගෙදරදීම අපට කළ හැකි ප්‍රතිකාර ගැන සොයා බැලුවා.

දරුවන්ට සෙම්ගෙඩි හැදෙන්නේ කොහොමද?

එය බැක්ටීරියා ආසාදනයක් නිසා හෝ වෛරසයක් නිසාත් ඇතිවෙන්න පුළුවන්.

සමහර බෙහෙත් අසාදන සමගම සෙම්ගෙඩි වැළඳෙන්නත් පුළුවන්. එනම්,

  • හෙම්බිරිස්සාව
  • කටහඬ වෙනස් වීම
  • අත්, කකුල්, කට ආශ්‍රිත අසාදනය වන රෝගයන් (hand, foot, and mouth disease)
  • කම්මුල්ගාය හා ඉන්ෆ්ලුවැන්සා වැනි රෝග තත්ව

බැක්ටීරියා අසාදනය නිසා ඇතිවන සෙම්ගෙඩි තත්ත්ව සමග

  • උගුරේ වේදනාව (කැස්ස හා හෙම්බිරිස්සාව නැතිව)
  • උගුර ආශ්‍රිත පටක ආසාදනයන්
  • අපිජිව්හිකාවේ (රස දිව) ඇතිවන අසාදන

බොහෝ විට ප්‍රතිජීවක ඖෂධ මගින් විශේෂ වෙනසක් සිදු නොවන අතර ස්වාභාවිකවම සුව වන අවස්ථා තිබෙනවා. මේ සඳහා නිවසේදීම කරගත හැකි ප්‍රතිකාර ගැන බලමු.

1. මී පැණි සහ ලෙමන් යුෂ

සිංගපූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ වෛද්‍ය ජීවා කනගලිංගම්ට අනුව මී පැණි රාත්‍රී කාලයේ ඇතිවන කැස්සට හා උගුරේ අමාරු වලට සුවය ගෙනෙනවා. ලෙමනුත් එවැනිම ප්‍රතිකාරයක්. මේ දෙක එකට මුසුකර මද රස්නෙන් (මයික්‍රෝවේව් එකකට දමා) රත්කරගෙන තේ හැන්ද බැගින් ගිලින්නට දෙන්න.

නමුත් අවුරුදු 1 ට අඩු දරුවන්ට මී පැණි සුදුසු නැති බව මතක තබාගන්න. 

2. වැල්මී

මේවා අතීතයේ පටන් උගුරේ අසාදන සඳහා ප්‍රතිකාර සඳහා යොදා ගැනෙනවා. මෙය උගුර සේදීමට වතුර සමග මිශ්‍ර කිරීම හොඳයි. නමුත් උගුර සේදීමට හැකි වයසක ඔබේ දරුවා සිටීම වැදගත්.

3. ලුණු වතුර

ලුණු වතුරෙන් උගුර සේදීමත් තවත් අත්බෙහෙතක්. වෛද්‍ය කනගලිංගම් පවසන ආකාරයට සෙම්ගෙඩි වල ඇති සුදු ලප මේ මගින් ඉවත් කර සහනයක් ලබා දෙනවා.

4. ශිත ආහාර

ඔබේ දරුවට වැළඳී ඇති සෙම්ගෙඩි තත්වය සෙම්ප්‍රතිශ්‍යාව හෝ උණ වැනි අසදනයකින් හටගත් එකක් නොවේ නම් අයිස්ක්‍රීම් වැනි ශීතකළ ආහාර දුන්නට වරදක් නැහැ. ඒක දරුවටත් හුඟක් හොඳ ආරංචියක් වන බව නම් නොරහසක්. වෛද්‍ය කනගලිංගම් පවසන ආකාරයට උගුරේ ඇතිවන ඉදිමුම හා අපහසුතාවයන් ශීතකළ ආහාරයන් මගින් නැතිකරන්න පුළුවන් වෙනවා.

5. ඖෂධීය ශිත ගුණ ඇති පාන

බාර්ලි හා ඖෂධීය පාන උගුරට සහනයක් ලබාදෙන නමුත් එය තාවකාලික සහනයක් පමණක් ලබාදෙනවා. වෛද්‍ය කනගලිංගම් පවසන ආකාරයට මෙවැනි පාන මගින් තාවකාලික සුවයක් ලැබෙනවා. නමුත් රෝගඛාරක සමග සටන් කරන්න ඊට ශක්තියක් නැහැ.

නිවසේදී සාදාගන්නා අත්බෙහෙත් සාර්ථක නොවන්නේ ඇයි?

වෛද්‍ය කනගලිංගම් ඒ ගැන පැහැදිලි කරනවා. දරුවන්ට ඇතිවන උගුරේ සෙම්ගෙඩි තත්වයන් වෛරස් හා බැක්ටීරියා අසාදනය නිසා ඇතිවෙනවා. 85% ක් 95% ක් සෙම්ගෙඩි ප්‍රතිජීවක ඖෂධ මගින් පමණක් සුවකරන්නත් පහසුයි.

සමහර විටෙක සෙම්ගෙඩි හා උගුරේ අසාදන සෙම්ප්‍රතිශ්‍යවේ රෝග ලක්ෂණ ලෙසත් මතුවෙනවා. නමුත් සෙම්ගෙඩි වලට උණු වතුර වලට ලුණු දමා උගුර සේදීම වැනි දේවල් වලින් අසාදනය වැඩිවීම වැළකෙන්න පුළුවන්. ඉතින් ඉන් ලැබෙන සහනයක් ඖෂධ මගින් ලැබෙන පාලනයත් රෝග තත්වය සුවකරන්න උදවු වෙනවා.

දරුවන්ට ඇතිවන සෙම්ගෙඩි තත්වයන්ට විසඳුම කුමක්ද?

වෛද්‍ය කනගලිංගම්ට අනුව මේ තත්වයෙන් දරුවා මුදවා ගන්නේ කෙසේද බලමු.

අත්බෙහෙත් තාවකාලික සහනයක් ලබාදෙනවා. නමුත් මෙවැනි තත්ත්ව වලදී හැම විටම රෝහල කරා යාම අවශ්‍යයි. බොහෝ විට ප්‍රතිජීවක ඖෂධ හා උගුර සේදීමට ලබාගත හැකි betadine වැනි සේදුම් ඖෂධයක් ලබාගැනීමෙන් සෙම්ගෙඩි වලට හේතුවන විෂබීජ තුනකට එරෙහිව සටන් කළ හැකි වෙනවා.

නමුත් රෝගය සුවකිරීමට හා ඉන් මිදෙන ආකාරය ගැන දැනුවත් වීම වැදගත්. නිතර දරුවන්ගේ දෑත් පිරිසිදු කිරීම, රෝගී අයගේ භාණ්ඩ පරිහරණයට ඉඩ නොදීම, ඇස්, කන්, නාසය නොසේදු අත්වලින් ස්පර්ශයට ඉඩ නොදීම වැනි කාරණාවලින් ඔබේ දරුවාට මේ තත්වය ඇති වීමෙන් වළකන්න පුළුවන්.

සෙම්ගෙඩි තත්වයට වෛද්‍යවරයෙකු හමුවිය යුත්තේ කුමන අවස්ථාවන් වලදීද?
  • දරුවාට දින තුනකට වඩා උණ ඇත්නම්
  • දරුවාට හුස්ම ගැනීමට හා කෑම ගිලීමට අපහසු නම්
  • දරුවා විජලනයට පත්ව ඇත්නම් (අඬන විට කඳුළු නොඑයි නම්, මුත්‍රා පහ කිරීම පැය 8 කින් පානම සිදුවී නැතිනම්)
  • රතු හෝ රෝස පැහැ තුවාල (දදයක්) ඇතිවී ඇත්නම්
  • අසාදිත අයෙකු සමග සිටියේ නම්
  • දරුවා වයස අවුරුදු 2 කට අඩුනම්

මේ බව හඳුනා ගැනීමෙන් පසු ප්‍රතිජීවක ඖෂධ ලබාදීම සිදුවෙනවා. නමුත් වෛද්‍ය ප්‍රතිකාර වලට පෙර දරුවාට වෙනත් අත්බෙහෙත් ලබාදී ඇත්නම් ඒ බව දන්වා සිටින්න. මන්ද ඖෂධ සමග මේ බෙහෙත් මුසු වීමෙන් භයානක ප්‍රතිපල ඇතිවිය හැකියි.

සමහර රෝග තත්වයන් නොදැනුවත්කම නිසා නරක අතට හැරෙන අවස්ථා බොහෝමයි. theAsianparent Sri Lanka මේ දැනුවත් කිරීම කළේ ඔබට එයින් අපහසුතාවයක් ඇති නොවන්නයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ